මොහාන් පීරිස් ගැන සොයන්න ජනපති කොමිසමක් පත් කරන්නැයි ජවිපෙ ඉල්ලයි

Monday, 02 February 2015 - 19:18

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අගවිනිසුුරු ධුරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය අද (02) දහවල් ආරම්භ වුණා. එහිදී විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අදහස් දැක්වූ අතර, මෙවැනි විවාදයක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළා. මොහාන් පීරිස් වෙනුවෙන් පෙනී සිටීමට නොව ප්‍රතිපත්තියක් වශයෙන් මෙම විවාදය සිදුකරන බව ද ඔහු කියා සිටියා.   විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මොහාන් පීරිස්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවයි.

විවාදයට සහභාගිවීම සඳහා පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු අත් පටි බැඳගෙන පාර්ලිමේන්තු සභා ගර්බයේ විරෝධතාවක ද නිරත වූ අතර එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට ද සිදුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories