කොත්මලේ ජලාශයට පැන්න තලවකැළේ තරුණයාගේ අවසන් කටයුතු අද

Tuesday, 03 February 2015 - 8:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%AF
පොලීසිය ලූහු බඳිද්දී කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගත් තලවකැළේ තරුණයාගේ  අවසන් කටයුතු අද (03) ගල්කන්ද වතුයායේ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඊයේ නියෝග කළා. මේ අතර, අවසන් කටයුතු සිදුකිරීමේදී කිසිදු උද්ඝෝෂණයකින් හෝ බාධාවකින් තොරව එය සිදුකළ යුතු බවට අධිකරණයෙන් වාග් නියෝගයක් ලබාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.  

සැකකරුගේ සිරුර ඉරිදා පස්වරුවේ සොයා ගැනීමෙන් අනතුරුව නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් නලින් තිලකා හේරත් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. ඒ අනුව සිදුකළ මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙය දියේ ගිලී මිය යාමක් බවයි.

මෙසේ සියදිවි හානි කර ගෙන ඇත්තේ 21 හැවිරිදි ගල්කන්ද කොටස - ගේ‍්‍රට්වෙස්ටන් වත්ත, තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගැනීමට යාමේදී සෙනසුරාදා  සැකකරු කොත්මලේ ජලාශයට පැන තිබූ බව පොලීසිය කියා සිටියේ.

කෙසේ වෙතත්, සිද්ධියට විරෝධය පළ කරමින් තලවකැලේ දුම්රිය ස්ථානයේ ආසන්නයේ උඩරට දුම්රිය මාර්ගය හරස් කරමින් වතුකම්කරුවන් පිරිසක් ඉරිදා දිනයේ විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් තලවකැලේ - පූඩළුඔය මාර්ගයේ ගමනාගමන කටයුතු සහ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට තිබූ අතර පසුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories