අපරාධ මර්දනයට අවශ්‍ය වුවහොත් එල්ලූම් ගස ද ක්‍රියාත්මක කරනවා - අධිකරණ ඇමති

Tuesday, 03 February 2015 - 11:16

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83+%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
රට තුළ අපරාධ මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් එල්ලූම් ගස හෝ ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව අධිකරණ සහ කම්කරු සබඳතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, අද (03) අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් හා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැකීමෙන් පසුවයි. එහිදී අමාත්‍යවරයා නාහිමියන් වෙත ප්‍රකාශ කර සිටියේ රට තුළ අපරාධ රැල්ලක් පවතින බවයි. එය මර්දනය කිරීම සඳහා ඉදිරියේදී දැඩි නීතිරීති අනුගමනය කිරීමට තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් මහනාහිමියන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. අමාත්‍යවරයා අද උදෑසන දළදා මාළිගාවට ගොස් ආගමික වතාවත්වල ද නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories