පසුගිය රජය යටතේ විදේශ රටවලට ගිය මුදල් ගැන සොයන්න ඉන්දීය සහාය

Tuesday, 03 February 2015 - 14:02

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
පසුගිය රජය මගින් අයථා ලෙස රැස්කොට විදේශයන්හි තැන්පත් කර ඇති බව කියන ඩොලර් කෝටි 500ක් පමණ වන ධනය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට සූදානම් බව ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා. ඉකොනොමික් ටයිම්ස් නමැති ඉන්දීය පුවත්පත අද (03) ප්‍රකාශ කළේ ඒ සඳහා මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය වනු ඇති බවයි. මූල්‍ය ¥ෂණ වැළැක්වීම සහ පසුගිය දශකය තුළ මෙරටට අහිමි වූ වත්කම් පිළිබඳ සොයා බැලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ පොරොන්දුවක් වූ බවත්, ඉන්දීය පුවත්පත සඳහන් කළා.

මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකාව නිළ නොවන ආකාරයෙන් ඉන්දියාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. එය නිශ්චිත ආකාරයෙන් නිළ යෝජනාවක් ලෙස ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇති බවයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සදහන් කළේ.  එම කාර්යය සඳහා සමීපතම අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බව අදාළ ක්‍රියාවලීන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරියෙකු ප්‍රකාශ කළේ යැයි එම පුවත්පත කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories