නීෂා බිස්වාල් TNA නියෝජිතයන් හමුවේ

Tuesday, 03 February 2015 - 14:12

%E0%B6%B1%E0%B7%93%E0%B7%82%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+TNA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තුන්දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් අද (03) උදෑසන පැවතුණා. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් මුණ ගැසීම යාපනයේදී සිදුකිරීමට මීට යොදාගෙන තිබූ නමුදු ඔවුන් සමඟ අද සාකච්ඡා පැවැත්වුණේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේදියි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සාකච්ඡාවට ආර්. සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, මාවෙයි සේනාධිරාජා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් එක්ව සිටියා. එහිදී මෙරට දෙමළ ජනතාවට පවතින ගැටළු සහ ජාතික ගැටළුව විසදීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර පිළිබද සාකච්ඡ කළ බවයි වාර්තා වන්නේ. මේ අතර, ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් ද මීට සුළු වේලාවකට පෙර මුණ ගැසුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories