නිදහස් සමරුවට සියල්ල සූදානම්

Tuesday, 03 February 2015 - 20:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
67 වන ජාතික නිදහස් සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පෙරවරු 6 යි තිහේ සිට සර්ව ආගමික සිද්ධස්ථානවල නිදහස් සැමරුම වෙනුවෙන් ආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබෙනවා.

මෙවර නිදහස් දින උළෙලේ ආචාර පෙළපාලිය සඳහා 6 000 කට ආසන්න භට පිරිසක් එක්වනවා. ඒ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින්. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 159 දෙනෙකු සහ සෙසු නිලයන් 3315කට වැඩි පිරිසක් ඊට එක්වන අතර සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ 1500 කට ආසන්න පිරිසක් ආචාර පෙළපාලියට එක්වනු ඇති.

මේ අතර හෙට අලූයම 6 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන සියලූ මාර්ග වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ අනුව කිඹුලාවල හන්දියේ සිට කියැන්හැම් වට රවුම දක්වා වූ ජපන් මිත්‍රත්ව පාර, පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, එච්.එන්.බී. වටරවුම සිට කියැන්හැම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, පැලවත්ත හන්දියේ සිට කියැන්හැම් වටරවුම දක්වා වූ පැලවත්ත පාර සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ඉදිරිපිට ඇති මාර්ග මෙලෙස වසා තැබෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories