Update : අතුරුදන් වූ දැරියගේ සිරුර කළුගඟෙන් සොයා ගනී

Wednesday, 04 February 2015 - 7:46

Update+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%9F%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අතුරුදන් වූ බවට වාර්තා වුණු හොරණ - අඟුරුවාතොට - වෙහෙරවත්ත ප්‍රදේශයේ පදිංචි දෙව්මිණි සෙව්වන්දි දැරියගේ සිරුර නිවස අසල කළුගඟේ තිබියදී අද (04) උදෑසන සොයා ගත්තා. ඒ නාවික හමුදා කිමිඳුම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකදීයි. අවුරුද්දයි මාස 9 ක් වයසැති මෙම දැරිය අතුරුදන්වී තිබුණේ ඊයේ දිනයේදීයි. ඇයගේ මව දැරියට කෑම කවා බීමට ජලය ගෙන ඒම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර යළි පැමිණ පරීක්ෂා කරන විට දැරිය එහි නොසිටි බව දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කුඩා දැරියගේ නිවස අසලින් කළුගඟ ගලා බසින අතර, ඒ අනුවයි විශේෂ පොලිස් කණ්ඩායමක් නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පරීක්ෂා කිරීම් ආරම්භ කළේ.

මීට අමතරව, පොලිස් නිල සුනඛයන් ද යොදා ඊයේ පස්වරුවේ පරීක්ෂණ පැවැත්වූ අතර, හොරණ පොලිසියට අනුයුක්ත ගේ‍්‍රරෝ නමැති නිල සුනඛයා, දරුවා ගඟට වැටුණ ස්ථානය අසල නතර වී තිබුණා. ඒ අනුවයි, කළුගඟ ආශ්‍රිතව මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ. අඟුරුවාතොට ප්‍රදේශයේ කළුගඟ ආශ්‍රිතව පවතින බොහෝ නිවාසවල අනාරක්ෂිතභාවයක් පවතින බව ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියා.

Update : Wednesday, 04 February 2015 - 12:40
---------------------------------------
අතුරුදන්වූ අඟුරුවාතොට දැරියගේ සිරුර නිවස අසල කළුගඟේ තිබී සොයා ගැනේ

අතුරුදන් වූ බවට වාර්තා වුණු හොරණ - අඟුරුවාතොට - වෙහෙරවත්ත ප්‍රදේශයේ පදිංචි දෙව්මිණි සෙව්වන්දි දැරියගේ සිරුර නිවස අසල කළුගඟේ තිබියදී මීට ටික වේලාවකට පෙර සොයා ගෙන තිබෙනවා. ඒ නාවික හමුදා කිමිඳුම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකදීයි. අවුරුද්දයි මාස 9 ක් වයසැති මෙම දැරිය අතුරුදන්වී තිබුණේ ඊයේ දිනයේදීයි. ඇයගේ මව දැරියට කෑම කවා බීමට ජලය ගෙන ඒම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර යළි පැමිණ පරීක්ෂා කරන විට දැරිය එහි නොසිටි බව දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කුඩා දැරියගේ නිවස අසලින් කළුගඟ ගලා බසින අතර, ඒ අනුවයි විශේෂ පොලිස් කණ්ඩායමක් නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පරීක්ෂා කිරීම් ආරම්භ කළේ.

Update : Wednesday, 04 February 2015 - 10:20
-------------------------------------------
අතුරුදන් වූ හොරණ - අඟුරුවාතොට කුඩා දැරිය සොයා අදත් මෙහෙයුම්

හොරණ - අඟුරුවාතොට - වෙහෙරවත්ත ප්‍රදේශයේ තම මව සමග නිවසේ සිටියදී අතුරුදන්වූ අවුරුද්දයි මාස 9 ක් වයසැති කුඩා දැරිය සොයා අද (04) දිනයේ විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා අද දිනයේ එම ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

මව මෙම දැරියට කෑම කවා බීමට ජලය ගෙන ඒම සඳහා නිවස පිටුපසට ගොස් ඇත්තේ ඊයේ සවස 2 ට පමණයි. සුළු වේලාවකින් ඇය නැවත නිවස තුළට පැමිණෙන අවස්ථාවේ දැරිය එහි නොසිටි බවයි වාර්තා වන්නේ. දැරියගේ නිවසේ එක් පසෙකින් කළුගඟ ගලා බසින අතර, අනෙක් පසින් මහාමාර්ගයක් තිබෙනවා. දෙව්මිණි සෙව්වන්දි නමැති මෙම කුඩා දැරිය අතුරුදන්වී පැය 16 කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද මේ වනතුරුත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories