ආදායම් පරතරය විසඳා නව පරිච්චේදයක් වෙනුවෙන් කැපවන බව ජනපති කියයි.

Wednesday, 04 February 2015 - 18:44

%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
67 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් අයුරින් අද පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදීයී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්.

පොලිස්පති එන්.කේ.ඉලංකෝන්, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය පළමුව උත්සව භූමියට පැමිණියා. පසුව ජනාධිපති ලේකම්වරයා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා උත්සව භූමියට පැමිණි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ. අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, කථානායක චමල් රාජපක්ෂ,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග උත්සව භූමියට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 67 වන ජාතික නිදහස් දින සමරු උත්සවය පැවැත්වෙන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසලට ළඟා වුණා. එහිදී ජනාධිපතිවරයා පිළිගත්තේ අග්‍රාමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින්. රජයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, විපක්ෂ නායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව වනවිටත් උත්සව භූමියට පැමිණ සිටියා.

ඉන් අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙන ගියා. එහිදී ජාතික ධජය එසවීම සිදුකෙරුණු අතර, ජාතික ගීය ගායනා කරනු ලැබුවා. ඒ සඳහා පාසල් දරුවන් සිය දෙනෙකු සහභාගි වී සිටීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ස්වාධීන්ත්වයේත්, ස්වෛරී භාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පි¥ සියලූම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 2 ක නිහ`ඩතාවක් පළ කිරීමෙන් පසු ජනාධිපති සම්මාන පිරිනමමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් පවත්වනු ලැබුවා. පාසල් දරුවන් තිදෙනෙකු විසින් භාෂා ත්‍රිත්වයෙන් සාම ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතුවේ ඉන් පසුවයි. එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ජනතාව අතර ආදායම් බෙදීයාමේ පරතරය අනිවාර්යයෙන් විසඳිය යුතු ගැටලූවක් බවයි.

සියලූ ජාතීන් සමඟ මිත්‍රශීලිභාවය ගොඩනගමින් මාතෘභූමිය පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමට කැපවන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ශිෂ්‍ය භට බලකාය මෙන්ම, යොවුන් සේනාංකය එක්ව පවත්වනු ලැබූ ආචාර පෙළපාලිය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. 6000කට වැඩි පිරිසක් ඊට එක්වුණා. ආචාර පෙළපාලියට සියලූ ජාතීන් නියෝජනය වන පරිදි සංස්කෘතික විශේෂාංගයන් එක්කර තිබීම ද විශේෂත්වයක්.













































Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories