කුමාර් ගුණරත්නම්ව රටින් පිටුවහල් කරයිද ?

Thursday, 05 February 2015 - 8:21

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
රටින් පිටවීමේ නියෝගය නිකුත් කිරිම සඳහා ගුවන් ටිකට් පත රැගෙන එන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් හට දැනුම්දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.  රටින් පිටවීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත රැගෙන පැමිණි පසු ඔහුට එරෙහිව අදාළ නියෝගය නිකුත් කරන බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ සඳහන් කළේ.

කුමාර් ගුණරත්නම් සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන බවට තම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළා. මේ වනවිට කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලසීමාවද ඉක්ම ගොස් ඇති බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories