ඉන්ධන සියලූ බදු ඉවත් කර නැහැ

Thursday, 05 February 2015 - 12:47

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
රජය ඉන්ධන මිල පහත දැමුවද මෙතෙක් ඒවාට පනවා තිබූ සියලූ බදු ඉවත් කර නොමැති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බලයට පත්වීමෙන් පසුව ඉන්ධනවලට පනවා ඇති සියලූ බදු ඉවත් කරන බවට රජය පොරොන්දු වී තිබූ බවයි.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කිරිම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳට එල්ලවන චෝදනා පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දේශපාලන භූමිකාව හේතුවෙන් මෙවැනි චෝදනා එල්ලවන බවයි.  අධිකරණය හමුවේ පවතින නඩු විභාගයකදී ඊට විමල් වීරවංශගේ පාර්ශවයෙන්ද කරුණු ඉදිරිපත් වනු ඇති බවද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories