තිස්සට පාර්ලිමේන්තුවට අවසර

Thursday, 05 February 2015 - 13:34

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායකට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අද අධිකරණය අවසර ලබාදුන්නා. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ අද මෙම අවසරය ලබාදුන්නේ. ඒ අනුව මන්ත්‍රිවරයාට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව අද හෙට සහ අනිද්දා දිනයන්හි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඉඩ ලබාදෙන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණවලට අනුව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනනා. ඔහු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories