ජනපති මාර්තු මාසයේ චීනයට

Thursday, 05 February 2015 - 19:08

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මාර්තු මාසයේදී චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජය පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සඳහන් කර සිටියා.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ලබන 15 වැනිදා සිට 18 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව නිරත වන පළමු නිල විදෙස් සංචාරය වන මෙය වනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි හමුවීමට නියමිත අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවකටද එක්වනු ඇති. ඊට අමතරව ජනාධිපතිවරයා බුද්ධගයා විහාරස්ථානය සහ තිරුපති කෝවිලේ පැවැත්වෙන ආගමික වතාවන් සඳහාද සහභාගී වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories