චීන නියෝජිත ජනපති හා අගමැති හමුවේ

Friday, 06 February 2015 - 8:11

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකාව සමඟ සමීප මිතුරු සබඳතාවක් අඛන්ඩව පවත්වා ගැනීමට සූදානම් බව චීනය අවධාරණය කළා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින චීන රජයේ විදේශ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය ලීව් ජියන්චා ඕ මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමඟ ඊයේ (05) පැවැත්වූ සාකච්ඡාවකදීයි. නව රජයට මහජන චීන රජයේ සුබපැතුම් එක්කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය සහ සහයෝගිතාව වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ බවයි මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. එය සියලූ කාලයන්හි පවත්නා සබඳතාවක්. දෙරට අතර, මිතුරු සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව සහ චීනය අතර, ද්වීපාර්ශවික දේශපාලන, ආර්ථික, සංස්කෘතික සබඳතා මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා ගොඩනැංවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. චීන රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස පැමිණි ලීව් ජියන්චා ඕ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද හමුවීමට නියමිතයි.

මේ අතර, ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ චීනයේ සහායෙන් ක්‍රියාත්මක වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය තීරණය කර ඇති බවයි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර චීන රජයේ ආරාධනයක් මත මේ මස අවසානයේ චීනයේ සංචාරය කිරීමට නියමිත අතර, මේ වසරේ මාර්තු මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ සංචාරය කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories