තවත් වාහන 40ක් නැහැලූ

Friday, 06 February 2015 - 20:09

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96
දැනට අස්ථානගත වී ඇති ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අතරින් තවත් 40ක් පමණ සොයා ගැනීමට ඉතිරිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

කෙසේ වෙතත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේ ද කතාබහක් ඇති වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ දැනට අස්ථානගතව ඇති වාහන කුමන ස්ථානයක පවතින්නේ ද යන්න පමණක් නොව ඒවායේ ලිපිගොනු පවා සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි. එම වාහන පිළිබද පාර්ලිමේන්තුව හරහා සොයා බැලිය යුතු බව ද අගමැතිවරයා සදහන් කළා. ඔහු මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 23 - 2 යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories