Update: ඇමති ජෝන්ට එරෙහි විශ්වාසභංගය භාරදෙයි

Saturday, 07 February 2015 - 16:13

Update%3A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන්නා. ඒ මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුවයි. පසුගිය 30 වැනිදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට පහරදීමේ සිද්ධිය මූලික කරගෙනයි අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන්නේ. පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත්වීම සහ පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම ආදී  කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකළ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ෆීලික්ස් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්දානන්ද අලූත්ගමගේ, ලසන්ත අලගියවන්න, ටී.බී.ඒකනායක, වීරකුමාර දිසානායක සහ දිලූම් අමුණුගම ද එක්ව සිටියා.



Update: Saturday, 07 February 2015 - 06:53 PM
.........................................................................
ඇමති ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්ට

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (07) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා. මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුව විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ. පසුගිය 30 වැනිදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories