සිව් හැවිරිදි දරුවෙක් වගා ළිඳකට වැටී මියයයි

Sunday, 08 February 2015 - 7:55

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකුගේ ජීවිතය අහිමිවීමේ අවාසනාවන්ත සිදුවීමක් තලවකැලේ - ලිඳුල - මට්ටකැලේවත්ත ප්‍රදේශයෙන් ඊයේ වාර්තාවුණා. මෙලෙස මියගොස් තිබුණේ අවුරුදු 3 යි මාස 11 ක් වයසැති කුඩා පිරිමි දරුවෙක්.  පොලීසිය සඳහන් කළේ මෙම දරුවා ඊයේ පෙර පාසල් ගොස් නිවසට පැමිණීමෙන් අනතුරුව ජලය ගෙන ඒම පිණිස ප්ලාස්ටික් භාජනයක්ද රැගෙන මෙම අනාරක්ෂිත වගා ළිඳ දෙසට ගොස් ඇති බවයි. එහිදී දරුවා මෙම අනතුරට මුහුණදී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. දරුවා සිය පියා සමග ජීවත්වී ඇති අතර මව විදේශගතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ දරුවාගේ පියාද නිවසේ නොසිටි බව අසල්වාසීන් පවසනවා. පියා එදින මිත්තණිය භාරයේ කුඩා දරුවා තබා නිවසින් පිටව ගොස් තිබෙනවා. වගා ළිඳ වෙත පැමිණි අසල්වාසියෙකු කුඩා දරුවා ළිඳ තුළ සිටින අයුරු දැක තවත් කිහිපදෙනෙකු සමග එක්ව දරුවා ගොඩට ගෙන තිබෙනවා. අනතුරුව රෝහල් ගතකිරීමට කටයුතු කළද ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි සිද්ධිය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ අසල්වැසියෙකු සඳහන් කළේ.

පසුගියදා හොරණ - අඟුරුවාතොට - වෙහෙරවත්ත ප්‍රදේශයේදී කළු ගෙඟ් ගිලීමෙන් අවුරුද්දයි මාස 9 ක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා. මෙම දැරියගේ මව ඇයට කෑම කවා බීමට ජලය ගෙන ඒම සඳහා නිවස පිටුපසට ගොස් තිබූ අතර එහිදී දැරිය ගඟ දෙසට ගමන් කර තිබුණා. අනතුරුව දැරිය කළු ගඟට වැටී මියගොස් තිබූ අතර දැරියගේ සිරුර අනතුර සිදුවූ දිනට පසුදින නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සොයාගනු ලැබුවා.

මේ අතර පසුගිය ජනවාරි 24 වැනිදා වැල්ලවත්ත - හැව්ලොක් සිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටීමෙන් පසුගියදා සිව් හැවිරිදි කුඩා දැරියක් මියගියා.































ඡායාරූප - රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories