ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ජගත් මානව හිමිකම් කොමසාරිස්ට ආරාධනා

Sunday, 08 February 2015 - 8:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන් කුමරුට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි රජය ආරාධනාවක් සිදුකර තිබෙනවා. විදේශ අමාත්‍ය මංගල සමරවීර මේ සඳහා වන නිල ආරාධනය ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත ඊයේ යොමුකළ බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.  

මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ජගත් සංවිධාන පරීක්ෂණයේ වාර්තාවද ඉදිරිපත් කිරීමටද නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories