හකීම්ගෙන් ටී.එන්.ඒ. සහ එජාපයට ආරාධනා

Sunday, 08 February 2015 - 12:41

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F
නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් සමග එක්වන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානයට සහ  එක්සත් ජාතික පක්ෂයට අද ආරාධනා කළා. මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මෙම ඇරයුම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය ධුරයක් එක්සත් ජාතික පක්ෂයට පිරිනැමීමටද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සූදානම් බවයි එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් මෙහිදී ප්‍රකාශ කළේ.

පළාත් සභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා සියලූම දේශපාලන පක්ෂවල සහය මුස්ලිම් කොංග්‍රසයට හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍ය රවුෆ් හකීම් මෙහිදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories