ටෝනි ඇබට් අභියෝගය ජයගනී

Monday, 09 February 2015 - 8:28

%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%87%E0%B6%B6%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තම නායකත්වයට එල්ලවූ අභියෝගය ජයගැනීමට  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සමත්වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුට නයිට් පදවියක් පිරිනැමීමට ටෝනි ඇබට් තීරණය කිරීමත් සමග ඔහුගේ ලිබරල් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල කළා. මෙම තත්ත්වයත් සමග ලිබරල් පක්ෂය තුළ ඡන්ද විමසීමක් සිදුකළ අතර එහිදී ටෝනි ඇබට්ට පක්ෂව ඡන්ද 61 ක් ලැබී තිබුණා. විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 39 ක් පමණයි. ඒ අනුව තම පක්ෂ නායකත්වයට සහ අග්‍රාමාත්‍ය ධුරයට එල්ලවූ අභියෝගය ජයග්‍රහණය කිරීමට ටෝනි ඇබට් සමත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යම් හෙයකින් මෙම ඡන්දය  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පරාජයට පත් වූයේ නම් ඔහුගේ ධුරය අහිමිවීමටද ඉඩකඩ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories