තමන්ට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකිවී ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සිය අසුනෙන් ඉල්ලා අස් නොවීම නිසා බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමාට නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා ද මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇති බවයි සරත් ෆොන්සේකා කියා සිටියේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩවද මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව සරත් ෆොන්සේකා කියා සිටියා.
ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට පිවිසුණේ සරත් ෆොන්සේකාට හමුදා අධිකරණයක් මගින් සිර ද`ඩුවම් නියම කිරීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී අසුනටයි. එම මන්ත්‍රී ධුරය එම අවස්ථාවේ එය නීත්‍යානුකුළව හිමිව තිබූ ජනතා විමුක්ති පෙරමුණ භාර නොගැනීම විශේෂත්වයක්. සරත් ෆොන්සේකාගේ ප්රජතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමට එක්වුණා.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සරත් ෆොන්සේකාට පූර්ණ නිදහස ලබාදීමත් සමග අහිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යලි ඔහුට හිමිවනු ඇති බවට මත පළ වුණා. එම අවස්ථාවේදී ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකාට මන්ත්‍රී ධුරය හිමිවන්නේ නම් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

Follow US
Most Viewed Stories