හිටපු ජනපතිට අගමැති අපේක්ෂකත්වය ?

Monday, 09 February 2015 - 13:00

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%3F
ඉදිරි මහමැතිවරණයේදී නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ 4 ක නායකයින් අද (09) ප්‍රකාශ කළා. ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලක්ෂ 58 ක් ජනතාව ඡන්දය ලබාදුන්නේ ජනවාරි මස 9 වැනිදා සිට ජාතික ආණ්ඩුවක සිරකරුවන් වීමට නොවන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී පෙන්වා දුන්නේ.

මාධ්‍ය හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර  ද අදහස් පළ කරමින් කියා සිටියේ සන්ධාන මැතිවරණ ක්‍රියාදාමයේ නායකත්වයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළත් විය යුතු බවයි.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ   වීරයා මියගොස් නොමැති බවයි. ඔහු ජනතාවගේ හදවත් තුළ ජීවත්වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන බවද උදය ගම්මන්පිල මෙහිදී ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories