වංචා, දූෂණ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්

Monday, 09 February 2015 - 17:07

%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මහා පරිමාණ වංචා, දූෂණ සිදුකළ අයට දඬුවම් දීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් මෙම සතිය තුළ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අරලගංවිල ප්‍රදේශයේ අද (09) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. තමා සතු බලතල ප්‍රකාරව මෙම පියවර ගන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එහිදී වැඩිදුරටත් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව රාජ්‍ය දේපළ සොරකම් කිරීම්, මහජන දේපළ විනාශ කිරීම්, දූෂණ, වංචා, මංකොල්ලකෑම් සිදුකළ සියලූ දෙනාට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

පැවති රජයේ වංචා, දූෂණ පිළිබඳ පසුගිය මැතිවරණ සමයේ හෙළි කළත්, තවමත් ඒ සඳහා පියවර ගැනීමට ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය තමාට ද ගැටළුවක් වී ඇති බවයි එහිදී කියා සිටියේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස තමා අදාළ අංශ වෙත මේ වන විටත් උපදෙස් දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් ප්‍රකාශ කළා.   

මේ අතර, අද පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වුණා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝකයේ විශිෂ්ඨ අධ්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක වන රටක් බවට තම රට පත් කරන බවයි.

ජනාධිපතිවරයා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය ද අද සිසු අයිතියට පත් කළා. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උතුරුමැද ප්‍රධන අමාත්‍ය පේශල ජයරත්න ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories