දුම්වැටි දවටනවලට 80%ක රූපමය පනත අද

Tuesday, 10 February 2015 - 8:05

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%80%E0%B6%A7%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+80%25%E0%B6%9A+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවයි.

දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කිරීමේ පියවර ආරම්භ කළේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදියි. දුම්වැටි ප්‍රචාරණයට එරෙහිව ඔහු ගනු ලැබූ පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රසාදයට ලක්වුණා. කෙසේ නමුත්, එම පියවරට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණය ඉදිරියට ගිය අතර එහිදී දුම්වැටි දවටනවල රූපමය අවවාද සියයට 60ක් පමණක් විය යුතු බව තීරණය කෙරුණා.

මේ අතර, පාර්ලිමේන්තුව ශක්තිමත් වන ආකාරයට ස්ථාවර නියෝග වෙනස් කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ විදෙස් රටවල පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ශක්තිමත්ව පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories