ගුණරත්නම් ඉන්න පුළුවන් - ශ්‍රේෂ්ඨාධිකරණය

Tuesday, 10 February 2015 - 19:03

%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
මේ මස 13 වන දා වන තුරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගයක් නිකුත් කළේ ආගමන විගමන පාලකවරයා, කුමාර් ගුණරත්නම් රටින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට නියෝග කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.  මේ පිළිබඳ කරුණු පැහැදිළි කරගැනීමක් අවශ්‍ය බව රජයේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇති අතර ඒ අනුවයි 13 වැනිදා නඩුව යළි කැඳවන තුරු කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම සහ අත්අඩංගුවට ගැනීම තහනම් කර ඇත්තේ.

වීසා කාලය ඉක්මවා මෙරට තුළ රැඳී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව අද (10) උදෑසන වාර්තා වුණා.  අවස්ථා දෙකකදී කුමාර් ගුණරත්නම් ප්‍රකාශ ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා තිබු අතර තුන්වන වර ඔහු එහි පෙනී සිටියේ නැහැ. නීතීඥ උපදෙස් මත  එලෙස සිදුකළ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළේ. මේ පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පොලීසියට වඩා ඔහු අත්අඩංගුවට ගැනීමට බලතල ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories