ජාත්‍යන්තර පරීක්ෂණයකට T.N.A අරඅඳී

Wednesday, 11 February 2015 - 8:08

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+T.N.A+%E0%B6%85%E0%B6%BB%E0%B6%85%E0%B6%B3%E0%B7%93
පසුගිය යුද සමයේදී උතුරේ දෙමළ ජනතාවට එරෙහිව සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබෙනවා. අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්. මීට පෙර උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අවස්ථා 4 කදී අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවලදී පළාත් සභාව එම යෝජනාව ඉවත දැමීමෙන් අනතුරුවයි ඊයේ දිනයේදී පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් යළි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. එහිදී දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 30 දෙනෙකු එම යෝජනාව  අනුමත කර තිබෙනවා.

යෝජනාව ඇතුළත් සන්දේශයක් උතුර පළාත් සභාව මගින් ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත යැවීමටද තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීම ජීනිවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවට බලපෑමක් ඇති නොකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories