Update: ලක්ෂ 8 ක ගෙවන්න ආතාවුද එකඟ වෙයි

Wednesday, 11 February 2015 - 11:38

Update%3A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+8+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වරකාපොල - කොහොඹදෙණිය ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියට කඩා පැන සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 8 ක වන්දි මුදලක් ගෙවීමට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු විත්තිකරුවන් 19 දෙනෙකු අද (11) එකඟතාවය පළ කළා. ඒ මීට අදාල නඩුව වරකාපොල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2012 වසරේ ජුනි 6 වැනිදා මෙම සිද්ධිය වාර්තා වූ අතර, එමගින් රුපියල් ලක්ෂ 10 කට වැඩි අලාභයක් අදාළ පානීය ජල ව්‍යාපෘතියට සිදුවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා, හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු විත්තිකරුවන් 19 දෙනෙකුට නඩු පවරා තිබුණේ චෝදනා 5 ක් යටතේයි. අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩුව සමතයකට පත් කර ගැනීමට සූදානම් බවයි. රුපියල් ලක්ෂ 8 ක වන්දි මුදලක් ගෙවන්නේ නම් නඩුව සමතයකට පත් කර ගැනීමට සූදානම් බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමල් රන්දෙණිය මෙහිදී සඳහන් කළා. ඒ අනුවයි දෙපාර්ශවය මෙම නඩුව සමතයකට පත් කර ගැනීම සඳහා එකඟතාවය පළ කළේ.

Update: Wednesday, 11 February 2015 - 01:21 PM
................................................................


වරකාපොල - කොහොඹදෙණිය ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියට සිදුවූ හානිය සඳහා රුපියල් ලක්ෂ 8 ක වන්දි මුදලක් ගෙවීමට හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු විත්තිකරුවන් 19 දෙනෙකු අද එකඟතාවය පළ කළා. ඒ මීට අදාල නඩුව වරකාපොල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 2012 වසරේ ජුනි 6 වැනිදා මෙම සිද්ධිය වාර්තා වූ අතර, එමගින් රුපියල් ලක්ෂ 10 කට වැඩි අලාභයක් අදාළ පානීය ජල ව්‍යාපෘතියට සිදුවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා, හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු විත්තිකරුවන් 19 දෙනෙකුට නඩු පවරා තිබුණේ චෝදනා 5 ක් යටතේයි. අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩුව සමතයකට පත් කර ගැනීමට සූදානම් බවයි. රුපියල් ලක්ෂ 8 ක වන්දි මුදලක් ගෙවන්නේ නම් නඩුව සමතයකට පත් කර ගැනීමට සූදානම් බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමල් රන්දෙණිය මෙහිදී සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories