Update : රිය අනතුරකින් 5 ක් මරුට

Thursday, 12 February 2015 - 7:47

Update+%3A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හම්බන්තොට - පල්ලෙමලල ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකුම ජීවිතක්ෂයට පත්වුණා. ජීවිතක්ෂයට පත්වූවන් අතර මාස 9 ක සහ අවුරුදු 9 ක කුඩා දැරියන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ තවත් පුද්ගලයෙකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

හම්බන්තොට සිට කතරගම දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මෙම ත්‍රිරෝද රථයේ ගැටීමෙන් ඊයේ පස්වරුවේදී මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් තුවාල ලැබූ තවත් සිව් හැවිරිදි කුඩා දැරියක් ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණා. මෙලෙස අනතුරට ලක්වූයේ හම්බන්තොට - පල්ලෙමලල ප්‍රදේශයේම පදිංචි පවුල් දෙකක ඥාතීන් පිරිසක්.

ත්‍රිරෝද රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන ගොස් සිදුවූ අනතුරු පිළිබඳව පසුගිය කාලය තුළ නිරන්තරයෙන් තොරතුරු වාර්තාවුණා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/MMwrNs
















ඡායාරූප - අජිත් පුෂ්පකුමාර




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories