ජිනීවා වාර්තාව කල් දමන්න

Thursday, 12 February 2015 - 7:53

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතින්ගේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයකින් කල් දමන්නැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ඉල්ලීමක් කර තිබෙනවා. රොයිටර් පුවත් සේවය සඳහන් කලේ අදාළ කරුණු පිළිබඳව සොයාබැලීමේ යාන්ත්‍රණයක් සැකසීමට රජයට කල් අවශ්‍ය බවයි. අගෝස්තු මස වනවිට එම දේශීය යාන්ත්‍රණය සකස් කිරීමට හැකිවනු ඇති බව ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළා. එය සකස් කිරීමෙන් අනතුරුව මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා කාර්යසාධන වැඩපිලිවෙලක් ලෙස යොදාගැනීමට හැකිවනු ඇති. ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා වාර්තාවේ නිර්දේශද දේශීය යාන්ත්‍රණය සඳහා යොදාගැනීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අදහසයි. මේ නිසා ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා වාර්තාව එළිදැක්වීම යෝග්‍ය බව මංගල සමරවීර අමාත්‍යවරයා වොෂින්ටන් නුවරදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් වාර්තාව ලබන මාර්තු 25 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories