කොස්ටා-කොන්කෝඩියා කපිතාන්ට හිර බත්

Thursday, 12 February 2015 - 10:14

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A
2012 වසරේ ජනවාරි 13 වැනිදා ඉතාලියේ ටස්කන් දිවයිනට ඔබ්බෙන් මුහුදේ ගල් පරයක හැපී පෙරළුණු කොස්ටා - කොන්කෝඩියා නෞකාවේ කපිතාන්වරයාට ඉතාලි අධිකරණය ඊයේ වසර 16 ක සිර දඬුවම් නියම කළා. නෞකාව අනවශ්‍ය ලෙස වෙරළාසන්නට ගෙනඒම සහ මගීන් අවදානමට ලක් කිරීම ඔහුට එල්ලවී තිබූ චෝදනා කිහිපයක්. පෙරලූණු නෞකාවේ මගීන් කඩිනමින් ඉවත් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ඔහුට මිනීමැරුම් චෝදනාද එල්ලවුණා. කොස්ටා-කොන්කෝඩියා නෞකාවේ මගීන් තිස් දෙදෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ අතර හාරදහසක් පමණ මගීන් සහ කාර්ය මණ්ඩලය දිවි ගලවාගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories