සති 5 කදී ඩෙංගු රෝගීන් 6 000 ක් - 11 ක් මියයයි

Thursday, 12 February 2015 - 12:49

%E0%B7%83%E0%B6%AD%E0%B7%92+5+%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+6+000+%E0%B6%9A%E0%B7%8A+-+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසරේ ගතවූ සති 5 ක පමණ කාලය තුළ ඩෙංගු රෝගීන් 6 000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. පෙර වසරේ මෙම කාලය හා සැසඳීමේදී මෙය විශාල වැඩිවීමක් බවයි එහි අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළේ.  

ඩෙංගු උණ හේතුවෙන් මේ වසරේදී මරණ 11 ක් ද මේ වනවිට වාර්තාවී තිබෙනවා.  පසුගිය වසර තුළ ඩෙංගු රෝගීන් 47 246 ක් වාර්තාවූ අතර ඉන් 14 669ක්  වාර්තාවුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.  ප්‍රතිශතයක් ලෙස ගත්කළ මෙම වසරේ මෙතෙක් වාර්තාවූ ඩෙංගු රෝගීන්ගෙන් 45.35% ක්ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

මේ අතර ජංගම දුරකථන හරහා කොළඹ නගරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් කොළඹ මහ නගර සභාව අද හඳුන්වා දුන්නා. එහි ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සිංගප්පූරුවේ නැන් යැංග් තාක්ෂණික විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලය ඒකාබද්ධව හඳුන්වාදුන් මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ ක්‍ෂණිකව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දැනුම්දිය හැකිවීමයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories