ඇමෙරිකාව ලංකාවට තර්ජනයක් නොවේ

Friday, 13 February 2015 - 8:05

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
ජනතාව වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කළ පසුගිය ඓතිහාසික ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව නව මාවතකට අවතීර්ණ වී ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසනවා. එය සැමටම උනන්දුව දනවන කරුණක්. මානව හිමිකම් සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම, දූෂණය පිටුදැකීම පෙරටුකොට ගත් වඩාත් වගවීමකින් සහ වගකීමකින් යුත් මාවතකට ශ්‍රී ලංකාව යොමුවී තිබෙනවා. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ බව ප්‍රකාශ කළේ වොෂින්ටනයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙරයි. ජනතාව වෙනුවෙන් සහ ජනතාව සඳහා ක්‍රියාත්මක කරන නව රජයේ දින 100 වැඩපිළිවෙල පිළිබඳව ඇමෙරිකාව දැඩි උනන්දුවක් දක්වන බවත් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එහිදී ප්‍රකාශ කළා. එමෙන්ම, 30 වසරක යුද්ධයෙන් පසු සියලූ ජනකොටස් සඳහා සාමය සහ සශ්‍රීකත්වය ගෙන එන නව ශ්‍රී ලංකාවක් තැනීම සඳහා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අදහස් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයකට ලක් වෙමින් පවතින අතර, දින 100 වැඩපිළිවෙල තුළින් සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධනවල අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙහිදී සඳහන් කළේ.

නව ශ්‍රී ලංකාව ජනවර්ගවල විවිධත්වය, ආගමික විවිධත්වය සහ සංස්කෘතියේ විවිධත්වයට ගරු කරමින් එකමුතුභාවයක් ගොඩනැගීම අරමුණු කරගෙන සිටිනවා. සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර, එක්සත්කම සහ බහුවිධභාවය නව රජයේ ප්‍රතිපත්තිය වන බව ද මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කළා. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පැවති ශක්තිමත් සම්බන්ධය යළි පණගැන්වීම ශ්‍රී ලංකාවේ අරමුණයි. එම අරමුණ සඳහා ඉදිරි මාස කිහිපය තුළ පියවර රැසක් දැකිය හැකි වනු ඇති. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප මිතුරු සබඳතාවක් ගොඩනැගීමට කටයුතු කෙරෙනවා. එමෙන්ම, ඇමෙරිකාව, ශ්‍රී ලංකාවට තර්ජනයක් නොව අවස්ථාවක් ලෙස සලකන බවයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories