නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වේ

Friday, 13 February 2015 - 13:30

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (13) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කොළඹ - ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදීයි.

අද මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එහි තීරණ හෙට පස්වරුවේ පැවැත්වෙන පක්ෂයේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී පක්ෂ නිලධාරි මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක්ම වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ. එම නව පත්වීම් විධායක සභාවෙන් පසුව රැස්වන පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී අනුමත කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ, දැනටමත් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට අමතරව, ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකක්, මධ්‍යම කාරක සභා රැස්වීම් දෙකක් පැවැත්වූ අතර එහි තොරතුරු මාධ්‍ය වෙත ද හෙළිදරව් කළා.

ජනවාරි 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොළඹ - විජේරාම නිවසේ පැවැත්වූ මාධ්‍ය හමුවට ජනක බණ්ඩාර තෙන්නකෝන්, විජිත් විජයමුනි සොයිසා, දුමින්ද දිසානායක, ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වුණා. ඔවුන් පැවසුවේ පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පත් කර ගත් බවයි. එමෙන්ම, මහලේකම් ලෙස දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලෙස එස්.බී නාවින්න, ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් පත් කර ගත් බව එහිදී ප්‍රකාශ කෙරුණා.

එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවූ මාධ්‍ය හමුවට එක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් පත් කළ බවයි.

කෙසේ වෙතත්, කොළඹ පදනම් ආයතනයේ පසුව පැවැත්වුණු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපතිවරයා ලෙස පත් කර ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories