පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම කඩිනමින්

Saturday, 14 February 2015 - 8:02

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණා. ඒ, අධිකරණ සහ කම්කරු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. එහිදී පඩිපාලක සභා යටතේ පවතින ආයතනවල සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩිවීම කෙරෙහි අවදානය යොමුවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවට හාම්පුතුන්ගේ සංගමය ද එක්ව සිටි අතර එහිදී රුපියල් දස දහස හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය යොමු වුණා. ඒ අනුව පඩිපාලක සභාවලට අයත් සමාගම්වල පළමුවෙන් මෙම කටයුතු සිදුවනු ඇති. මේ පිළිබදව පඩිපාලක සභා සමඟ ද වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට කම්කරු අමාත්‍යවරයා සහ නිලධාරීන් සූදානම්. එසේම අනකුත් පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබදව ද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories