2010 ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්ය නිවාඩු යැවූ හමුදා නිලධාරීන් 10ක් යළි සේවයට

Saturday, 14 February 2015 - 11:08

2010+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
2010 ජනාධිපතිවරණයෙන් පසු අනිවාර්ය නිවාඩු යැවූ මේජර් ජනරාල්වරයෙකු ඇතුළු හමුදා නිලධාරීන් 10 දෙනෙකු ජනපති නියමයෙන් යලිත් සේවයේ පිහිටුවා ඇති බව වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසනවා. ඔහු වැඩිදුරටත් සදහන් කළේ මෙම නිලධාරීන් 10 දෙනා අතර මේජර් ජෙනරාල්වරයා මෙන්ම බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු, කර්නල්වරයෙකු, එක් ලූතිනන් කර්නල්වරයෙකු සහ කපිතාන්වරුන් දෙදෙනෙකු සිටින බවයි.

මේජර් ජෙනරාල් එන්.යූ.එම්.එම්.වී. සේනානායක, බ්‍රිගේඩියර් බිමල් ඩයස්, බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන, බ්‍රිගේඩියර් ජානක මොහොට්ටි, බ්‍රිගේඩියර් අතුල හැන්නඩිගේ, බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම, කර්නල් තිලක් උභයවර්ධන, ලූතිනන් කර්නල් ජේ.එම්.සී.ටී. ජයසුන්දර, කපිතාන් ආර්.එම්.ආර්. රණවීර, කපිතාන් ඩබ්ලිව්.ඒ.ඞී.සී. ක්‍රිෂාන්ත යන නිලධාරීන් ඊයේ දිනයේ සිට යළි සිය රෙජිමේන්තුවල සේවයේ පිහිටවූ බවයි වැඩබලන හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ. ඒ අනුව ඔවුන් ලබන සඳුදා දිනයේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක ද හමුවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories