මහඡන්දය ගැන සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා 3ක් නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට

Saturday, 14 February 2015 - 13:24

%E0%B6%B8%E0%B7%84%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සමුළුව අද (14) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් යෝජනා 3ක් සම්මත වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන සිසිර ජයකොඩි විසින් මෙම සමුළුව සංවිධාන කර තිබුණා. සමුළුව ආරම්භයේ සිටම උණුසුම් තත්ත්වයක් ගත් බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ඞී.ජී. ආරියතිලක සහ එම පක්ෂයම නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලලිත් එල්ලාවල අතර උණුසුම් සංවාදයක් හට ගත්තා.

කෙසේ වුවත් සමුළුව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක සමුළුවේ දී සම්මත කර ගත් යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ හිටපු ජනාධිපතිවරුන්ගේ මඟ පෙන්වීමෙන් මහමැතිවරණය මෙහෙයවීමටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීමටත්, ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ බැදුණු සියලූ පක්ෂ මහමැතිවරණයේදී එක්ව කටයුතු කළ යුතු බවටත් එහිදී එකඟත්වයකට පැමිණි බවයි.  

මේ අතර,  නිදහස් පක්ෂයේ විධායක සභාව අද පස්වරුවේ රැස්වනවා. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ද ඉන් අනතුරුව රැස්වීමට නියමිතයි. මෙම රැස්වීම් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ ව්‍යවස්ථාවේ වෙනස්කම් සිදුකෙරෙන බව එම පක්ෂය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories