Update: සීගිරිය කැටපත් පවුරේ සමරු සටහන් තැබූ තරුණියට වැඩ වරදී

Sunday, 15 February 2015 - 8:19

Update%3A+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගී වලට හානි කළ 27 හැවිරිදි තරුණිය මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයන් සමඟ ඊයේ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ තිබෙනවා. එහිදී කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර ඇති බව සඳහන්. පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගත් තරුණිය පසුව සීගිරිය පොලිසිය වෙත භාර දුන්නා. ඉන් අනතුරුවයි ඇය අද (15) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.  

සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප්‍රදර්ශනය කර තිබීමද විශේෂත්වයක්. මීට පෙර පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකලපුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගැනුණා.














ඡායාරූප - මහින්ද උදයසිරි රත්නායක

Update: Sunday, 15 February 2015 - 07:18 PM
.................................................
කැටපත් පවුරේ ලියූ තරුණිය අල්ලයි

සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ 27 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගැනුනා. මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ සාමාජිකයන් සමඟ ඊයේ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ තිබෙනවා. එහිදී ඇය කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් තරුණිය පසුව සීගිරිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.  

සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ත්‍රිත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප්‍රදර්ශනය කර තිබීමද විශේෂත්වයක්. මීට පෙර පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකලපුව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී පොලිස් අත්අඩංගුවටට ගැනුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories