ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනයක්

Sunday, 15 February 2015 - 10:23

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය කැපී පෙනෙන පැහැදිලි වෙනසකට යොමු වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් ප්‍රකාශ කළා. එය දිරිගන්වන සුළු වෙනස්වීමක් බවයි විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ. වොෂින්ටනයේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවූ විදේශ අමාත්‍ය මංගල සමරවීර දැන් සිටින්නේ නිව්යෝක් නුවරයි. එහිදී ඔහු ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් සහ ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ද මුණ ගැසුණා.  

වොෂිංටනයේදී කානගී ජාත්‍යන්තර සාම සමුළුව අමතමින් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව යන මැයින් මංගල සමරවීර අමාත්‍යවරයා දේශනයක්ද පවත්වනු ලැබුවා. විදේශ ඇමති මංගල සමරවීර ඇමරිකානු සංචාරයේදී ප්‍රකාශ කළ කරුණක් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජගත් සංවිධාන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පමා කළ යුතු බවයි. එය ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු තීරණය කළ යුතු බව ඇමරිකානු  රාජ්‍ය දේපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories