Update: ජනපති ඉන්දියාවට ළඟා වෙයි

Sunday, 15 February 2015 - 14:26

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (15) පස්වරුවේ ඉන්දියාවට ළඟා වුණා. ඉන්දියාවේ නවදිල්ල නුවරට ළඟා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ශ්‍රී රාධක්‍රිෂ්ණන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයිකේ සිංහායි.

සාමාන්‍ය කාලසටහනට අනුව අද දහවල් 2.30ට ගුවන් ගත වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනය පරිදි සිව් දින නිළ සංචාරයක් ආරම්භ කරමිනුයි ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගියේ.

මෙම නිල සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ඇතුළු ඉන්දීය රජයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මෙම නිල සංචාරයේදී දෙරටටම වැදගත් වන ආරක්ෂක, ආර්ථික සහ සමාජීය එකඟතාවයන් රැසකට එළැඹීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සෙයිද් අක්බරුදීන් සඳහන් කළේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකට ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉන්දීය නිළ සංචාරය දෙරට අතර සබඳතාවලට නව ප්‍රවේශයක් වනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින්.                                                                                                                       
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයට සමගාමීව ඉන්දීය අත්අඩංගුවේ සිටි අවසන් ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනා සහ ධීවර බෝට්ටු 27 ඊයේ නිදහස් කළා. මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දීය අවසන් ධීවර බෝට්ටු 87 ද පෙරේදා නිදහස් කරනු ලැබුවා.
 
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා. හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් අවදානයක් යොමු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.











Update: Sunday, 15 February 2015 - 07:20 PM
....................................................
ජනපති සිය ප්‍රථම විදෙස් සංචාරය අරඹයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දියාව බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (14) පස්වරුවේ පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 18 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි. මෙම නිල සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි ඇතුළු ඉන්දීය රජයේ ඉහළපෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories