ජපානයේ භූ කම්පනයක්

Tuesday, 17 February 2015 - 8:36

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උතුරුදිග ජපානයේ මියාකෝ වෙරළට ඔබ්බෙන් අද (17) රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. එමගින් කුඩා ප්‍රමාණයේ උදම් රළක් එහි වෙරළට ළඟා වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. මියාකෝ වෙරළට කිලෝමීටර් 90ක් උතුරෙන් මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය සිදුවී තිබෙනවා. කෙසේ නමුත් එමගින් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බව මෙතෙක් වාර්තා වී නැහැ. මෙම ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාර පැවතීම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ජනයා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ නමුත්, මෙම භූ කම්පනයේ කිසිදු ආකාරයේ බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories