TNA නැගෙනහිර පළාත් සභාවේ ඇමති ධුර පිළිගනී

Tuesday, 17 February 2015 - 10:29

TNA+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර 2ක් සහ නියෝජ්‍ය සභාපති ධුරය භාර ගැනීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. වර්තමානයේ එම පළාත් සභාවේ බලය හොඹවන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. ඔවුන් පසුගිය 8 වන දා පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස දෙමළ ජාතික සන්ධානයට සහ එක්සත් ජාතික පක්ෂයට ඇරයුම් කළා. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම අමාත්‍ය ධුර දෙක සහ නියෝජ්‍ය සභාපති ධුරය භාර ගැනීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ.                             

නැගෙනහිර පළාත් සභාවේ මීට පෙර බලය හොඹවනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ නජීබ් ඒ. මජීඞ් මහඇමතිවරයා ලෙස කටයුතු කළා. කෙසේ වුවත්, දෙසැම්බර් මාසයේ පළාත් සභා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව කටයුතු කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණා.

ඉන් අනතුරුව නැගෙනහිර පළාත් සභාවේ බහුතර බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි වූ අතර එහි නව මහඇමතිවරයා ලෙස හෆීස් නසීර් අහමඞ් පසුගිය 6 වනදා දිවුරුම් දෙනු ලැබුවා. එහිදී දෙමළ ජාතික සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සහාය, පාලක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි වුණා. නැගෙනහිර පළාත් සභාව මන්ත්‍රී ධුර 37කින් සමන්විත වන අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 14ක්ද, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධුර 11ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 7ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 4ක් සහ ජාතික නිදහස් පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමි වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories