තෙල්, ගෑස් ගවේෂණයට ඉන්දීය සහාය පුළුල් කෙරේ

Tuesday, 17 February 2015 - 13:16

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මෙරට ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ලබාදෙන සහය පුළුල් කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඉන්දීය චාරිකාවට එක්ව සිටින විදුලිබල සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ සම්බන්ධයෙන් ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධන් සමඟ  සාකච්ජාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. මෙරට ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පවතින සහයෝගිතාව ඇගයීමකට ලක්කර එය වැඩි දියුණු කළ යුතු බවටයි අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟ වී ඇත්තේ.

මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ජාවලද ප්‍රධාන තේමාවක් වුණා. සිවිල් කටයුතු සඳහා න්‍යෂ්ටික බලශක්තිය යොදා ගැනීමේ ගිවිසුමකට ද එහිදී අත්සන් තැබුණා. ඉන්දීය සංචාරයේ නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (17) බුද්ධගයාවේ සංචාරයක නිරත වනවා. මහබෝධි සමාගම යටතේ පාලනය වන පරිශ්‍රයන් ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වනු ඇති. ඊයේ පැවති නිල රාත්‍රී භෝජන සංග්‍රහයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි ද සහභාගි වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories