සිව් දෙනෙකු ඝාතනය කළ ස්ථානයේ මුරකරුත් මරුට

Tuesday, 17 February 2015 - 14:43

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේදී එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කර තිබූ පොල්ලෙලි වලෙහි ගිලීමෙන් එම වත්තෙහි සේවය කරමින් සිටි තවත් මුරකරුවෙකු මිය ගොස් තිබෙනවා. වෙන්නප්පු පොලීසිය සදහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ කුලියාපිටිය - එතලවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 68ක පුද්ගලයෙකු බවයි. එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය මෙම වත්තෙහි මීට පෙර සිටි මුරකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ගිං ඔයට පැන සිය දිවි නසා ගත්තා. පසුව මෙම වත්තෙහි ආරක්ෂාව සඳහා ඝාතනයට ලක්වූ අයගේ පවුලේ ඥාතීන් තවත් දෙදෙනෙකු යොදවා තිබෙනවා. මිය ගොස් ඇත්තේ ඔවුන්ගෙන් එක් මුරකරුවෙකුයි. මිය ගිය අය සමග වත්තේ සේවය කළ අනෙක් මුරකරු ප්‍රකාශ කර ඇත්තේ මොහු නිතර මෙම පොල්ලෙලි වළට ගොස් මාළු ඇල්ලීමේ කටයුතුවල නිරත වන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories