ඇෆ්ගන් පකිස්ථාන පොලිස් මූලස්ථාන දෙකකට ප්‍රහාර

Tuesday, 17 February 2015 - 19:07

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ඇෆ්ගනිස්ථානයේ සහ පාකිස්ථානයේ පොලිස් මූලස්ථාන ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2 ක් අද එල්ල වුණා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි පොලිස් මූලස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු පැමිණ ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර පිහිටි පොලිස් මූලස්ථානය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇති නමුත් එම පිපිරීම සිදුව ඇත්තේ ඒ අසල පිහිටි හෝටලයක් ඉදිරිපිටයි. මෙම පිපිරීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  ලාහෝර් පිපිරීමේ වගකීම තලේබාන් සංවිධානයෙන් වෙන්වුණු සටන්කාමීන් පිරිසක් භාරගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories