ජනතා අරමුණු නොසලකා හරින්න බැහැ

Thursday, 19 February 2015 - 8:10

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90
‘‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළ ගැසෙමු’’  යන තේමාව යටතේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධාන කළ ජනරැළියක් නුගේගොඩ ඊයේ පස්වරුවේදී පැවැත්වුණා. මෙම රැස්වීම සංවිධානය කළේ මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයයි. මීළඟ මහ මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරමිනුයි ඔවුන් මෙම රැස්වීම සංවිධාන කර ඇත්තේ.

ජනරැළිය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ ජගත් සංවිධානයේ ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ ප්‍රකට රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විසින්.  එහිදී හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ දක්වා ඇත්තේ ජනතා අරමුණු කිසිකලෙකත් නොසලකා හැරිය නොහැකි බවයි.

ජන රැළිය සංවිධාන කළ පක්ෂ අතරට අයත් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙම ජන රැලියේදී අදහස් දැක්වූවා.  හැකිනම් දැන් ජනාධිපතිවරණයක් පවත්වා  පෙන්වන ලෙසත්, එසේ පැවැත්වුවහොත් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට අඩුවූ ඡන්ද සංඛ්‍යාව මෙන් තුන් ගුණයකට වැඩියෙන් ලබාගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories