මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට චෝදනා ලැබ දැනට රැඳවුම් නියෝග මත සිටින සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා. වෙළේ සුදා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් අධිකරණ පරිශ්‍රයට යොදා තිබූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. මුදල් විශුද්ධිකරන පනත යටතේ නීතිවිරෝධී වත්කම් රැස් කිරීම ඇතුලූ චෝදනා 57ටම තමන් නිවැරදිකරු බව වෙළේ සුදා අද අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම නඩුව මාර්තු මස 23 වැනිදා සිට විභාග කිරීමට නියෝග කළ මහාධිකරන විනිසුරු දේවිකා තෙන්නකෝන් එදින දක්වා වෙළේ සුදා රැඳවුම් නියෝග මත තබාගනිමින් ප්‍රශ්න කිරීමට ද අවසර ලබාදුන්නා. වෙළේ සුදා අධිකරණයට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර අවස්ථාවේදී ආරක්ෂක හේතූන් මත ඔහු අධිකරණයට ඉදිරිපත් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණා. එමෙන්ම දැනට ඇප මත මුදාහැර සිටින වෙළේ සුදාගේ බිරිඳ සහ නැන්දනියද අද අධිකරණයට පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනාටද මෙම නඩුව යළි කැඳවන මාර්තු මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරුවරිය දැනුම් දුන්නේ.
වෙලේ සුදා පාකිස්තානයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා භාවිතා කළ ට්‍රැක්ටර් සඟවා තැබූ අංගනයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කළේ පසුගිය 16 වැනිදායි. මෙම ට්‍රැක්ටර් සඟවා තිබුණේ කැළණිය - සිංහාරමුල්ල කතෝලික දේවස්ථානය ඉදිරිපිට අංගනයකයි. අදාළ ට්රැක්ටර්වල ගියර් පෙට්ටි ඉවත් කර තිබූ අතර එම ස්ථානයේ මෙම මත්කුඩු සඟවා මෙරටට රැගෙනවිත් ඇති බවයි මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණ වුණේ.

Follow US
Most Viewed Stories