Update: තවත් සිසුවෙකු සියදිවි නසා ගනී

Thursday, 19 February 2015 - 16:25

Update%3A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවෙකු දුම්රියට පැන අද (19) සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ බදුල්ලේ සිට කොළඹ බලා පැමිණි උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රියට පැන මෙම සිසුවා සියදිවි හානිකරගෙන ඇති බවයි. රඹුක්කන - නුගවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සිසුවා සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත්, මියගිය සිසුවාගේ දෙමව්පියන් ඇතුළු ඔහු ඇසුරු කළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Update: Thursday, 19 February 2015 - 07:21 PM
.....................................................................

පින්නවල ජාතික පාසලේ උසස් පෙළ සිසුවෙකු දුම්රියට පැන අද (19) පස්වරුවේ සියදිවි හානිකරගෙන තිබෙනවා. පාසල නිමවීමෙන් පසුව රඹුක්කන දුම්රිය ස්ථානයට පැමිණි සිසුවා දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි රඹුක්කන පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories