මහින්දට අගමැති වෙන්න හැකියාව තියෙනවා

Thursday, 19 February 2015 - 19:18

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට හැකියාව පවතින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ 04 ක් ඊයේ (18) නුගේගොඩ සංවිධාන කර තිබූ ජනරැළිය පිළිබඳව අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීම සඳහා එම ජනරැළිය පැවැත්වුණා.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට අවතීර්ණ විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව ප්‍රකාශ කළා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරීන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා නුගේගොඩ ඊයේ පැවති රැස්වීම පිළිබඳ අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ කිසිම කෙනෙකුට රැස්වීමට සහභාගිවීම සම්බන්ධයෙන් තහංචි පනවා නොතිබූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories