මහ මැතිවරණය කිව්ව දවසට අගමැති අපේක්ෂකයා එයි

Thursday, 19 February 2015 - 20:21

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා නම් කිරීම මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කරන බව එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස තේරී පත්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පක්ෂයේ නව භාණ්ඩාගාරික හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න පක්ෂ මූලස්ථානයේදී අද (19) තම ධුරවල වැඩ ආරම්භ කළා. මෙම අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ද එක්ව සිටියා. අනතුරුව ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවති අතර, එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය රඳා පවතින්නේ තනි පුද්ගලයෙකු මත නොව පුද්ගල සමූහයක් මත බවයි.

එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරික හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නද අදහස් දක්වා සිටියා. එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණයක් පවත්වා හෝ මැතිවරණයක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (19) පැවති මෙම උත්සවයට පක්ෂයේ් මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, මහින්දානන්ද අලූත්ගමගේ, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. එමෙන්ම ඊයේ නුගේගොඩ පැවති රැළියට සහභාගි වූ සී.බී. රත්නායක මන්ත්‍රීවරයා මෙන්ම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පළාත් සභා අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ උපාලි කොඩිකාරද එක්ව සිටි බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories