කිසිදු බලපෑමකට යටත් වෙන්න එපා

Friday, 20 February 2015 - 7:57

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
පරිසර සංරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීමේදී කිසිදු බලපෑමකට යටත් නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ වැඩකටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා ඊයේ බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ වාසි නොතකා පරිසරය රැක ගැනීමට කැපවීම සියලූ දෙනාගේ වගකීම බවයි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහවැලි සංවර්ධන අධිකාරියේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමටද ඊයේ (19) එක්වුණා. මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ලෙස මසකට වරක් එහි ප්‍රගතිය සොයා බැලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories