ඖෂධවලට පිළිතුරු නොදෙන වසංගතයට ලංකාවත් අවධානයෙන්

Friday, 20 February 2015 - 12:58

%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉන්දියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පැතිර යන ඖෂධවලින් මර්දනය කළ නොහැකි මැලේරියා රෝග විශේෂය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. කෙසේ වෙතත්, මීට වසර 3 කට පෙර මෙරටින් මැලේරියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

ක්ලෝරෝක්වින් ඇතුළු මැලේරියා මර්දන ඖෂධවලින් මර්දනය කළ නොහැකි මැලේරියා රෝග විශේෂයක් මේ වනවිට අග්නිදිග ආසියානු රටවල පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාව, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල මෙම නව මැලේරියා රෝග තත්ත්වය පැතිර යමින් පවතින බව සඳහන්.  

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළේ ඖෂධවලින් මර්දනය කළ නොහැකි මෙම මැලේරියා රෝග තත්ත්වය රටට ඇතුලූවීම වැළැක්වීම සඳහා ජාතික මැලේරියා මර්දන ඒකකය මේ වනවිටත් විශේෂ රෝග මර්දන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

වසර 1930 පමණ වනවිට මෙරටින් වසරකට මැලේරියා රෝගීන් 80,000 ක් පමණ වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය කාලසීමාව තුළ සිදුකළ මැලේරියා මර්දන වැඩසටහන හේතුවෙන් මීට වසර 3 කට පෙර රෝගය තුරන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහෙත්, තවදුරටත් පන්ලක්ෂ 84,000 ක් ලෝකවාසින් එක් වසරකදී මැලේරියා රෝගයට ගොදුරු වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories